සෞඛ්‍යය සම්පන්න ජීවන රටාව - 01
සෞඛ්‍යය සම්පන්න ජීවන රටාව - 01
“An apple a day, keeps the doctor away” යන පැරණි ඉංග්‍රීසි යෙදුම අපි කාටත් හුරුපුරුදු එකක්.
මොකක්ද මේ ඇත්තටම කියන්නේ?
ක්ෂණික ආහාර වෙනුවට දිනකට ඇපල් ගෙඩියක් හෝ එවන් කුමන හෝ පලතුරක් ආහාරයට ගැනීමෙන් රෝග වලින් තොර සෞඛ්යයවත් ජීවිතයක් ගත කිරීමට හැකිවන බවත්, එම නිසා රෝග වලට බෙහෙත් ගැනීමට වෛද්‍යවරුන් හමුවට යාමට අවශ්‍ය නොවන බවත් මනා ලෙස ගෙන හැර දක්වන උපහැරණයක් තමයි මේ.
සෞඛ්යයවත් ජීවන රටාවකට හිමිකම් කියන්නට අපි හැමෝටම බැරි කමක් නැහැ. හැබැයි ඒ සදහා අපි එදිනෙදා ජීවිතයේදී සැලකිල්ලට ගත යුතු දේවල් කිහිපයක් තියනවා.
සමබල ආහාර වේලක් වැදගත් වන්නේ ඇයි?
සමබල ආහාර වේලක් මඟින් ඔබේ ශරීරය ඵලදායීව වැඩ කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයයි. ඔබ සමබල පෝෂණයකින් තොරව කටයුතු කලහොත් ඔබේ ශරීරය රෝග, ආසාදන, තෙහෙට්ටුව සහ අඩු ක්‍රියාකාරිත්වයට ගොදුරු වේ. ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා නොගන්නා දරුවන්ගේ වර්ධනය හා වර්ධන ගැටලු, අධ්‍යාපන මට්ටම් දුර්වල වීම සහ නිතර ආසාදන ඇති විය හැක.
සමබල ආහාර වේලක් පවත්වා නොගැනීම හේතුවෙන් ඇති විය හැකි රෝග:
1.හදවත් රෝග
2.පිළිකා
3. ආඝාතය
4.දෙවන වර්ගයේ දියවැඩියාව
සමබල ආහාරය තුල සෞබ්‍ය සදහා අත්‍යවශ්‍ය සියලු පෝශක යෝග්‍ය අනුපාතයකින් අඩංගු වේ. සමබල ආහාරයක අඩංගු අත්‍යවශ්‍ය සංඝටක වන්නෙ කාබෝහයිඩ්රේට්,ප්‍රෝටීන, සෞඛ්‍ය සම්පන්න මේදය , ඛනිජ , විටමින,ප්‍රතිඔක්සිකාරක,තන්තු සහ ජලය වේ. සමබර ආහාර වේලක් මඟින් කාබෝහයිඩ්රේට් වලින් ලැබෙන කැලරි ප්‍රමාණයෙන් 60-70% ක් ද ප්‍රෝටීන් වලින් 10-12% ක් ද මේදයෙන් 20-25% ක් ද ලබා දිය යුතුය.
සමබර ආහාර වේලක් සඳහා පහත සඳහන් කණ්ඩායම් වලින් විවිධ ආහාර ඇතුළත් වේ:
පළතුරු , එළවළු, ධාන්‍ය, කිරි, ප්‍රෝටීන් ආහාර(මස්, බිත්තර, මාළු, බෝංචි, ඇට සහ රනිල කුලයට අයත් බෝග)
ඔබ වැලකිය යුතු ආහාර:
පෙර සැකසූ ආහාර, පිරිපහදු කළ ධාන්‍ය වර්ග, විශාල වශයෙන් සීනි සහ ලුණු එකතු කල ආහාර, සැකසූ රතු මස්, මත්පැන්, ට්‍රාන්ස් මේද ඇති ආහාර
_________________________
සටහන
අමාලි නෙලුනිකා
සමාධි ඒකනායක
මෙවිඳු සේනාරත්න
_________________________
නිර්මාණය
ධනුක දිනෙත්
_________________________
#healthyliving #health #healthy #healthyfood #healthylifestyle #wellness #food #selfcare #healthychoices #nutrition #SaukyadanaUnit #CCSSaukyadanaUnit
Comments
Post a Comment