සෞඛ්‍යය සම්පන්න ජීවන රටාව - 02
විටමින් ලබා ගැනීම
නූතන ලෝකයේ වැඩිපුරම පොදුවේ භාවිතා කරන suppliments මොනවද ?
ඒ තමයි "විටමින්"
විටමින් භාවිතයද අපේ සෞබ්‍ය වැඩි දියුණු කිරීමට හේතු වෙනවා.
ආහාර අරුචිය නැති කිරීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමටත් එනම් අපේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් විටමින් උපකාරී වෙනවා.
බහුවිටමින් (Multivitamins) ලබාගැනීම අපේ සෞඛ්‍යට ඉතා හිතකරයි.
• අපේ සෞඛ්‍යට අත්‍යවශ්‍ය විටමින් 13ක්ද, ඛනිජ වර්ග 15ක්ද තියෙනවා. මෙම බහුවිටමින් තුල මේ විවිධ විටමින් වර්ග කිහිපයක්ද (විටමින් D, කැල්සියම්, විටමින් C, විටමින් B) , සමහර ඛනිජ සහ සමහරවිට තවත් අමුද්‍රව්‍ය තිබෙනවා. එම නිසා අපේ සිරුරට වැඩි පෝෂණයක් ලබා ගන්න පුළුවන්.
කාර්යබහුල ජීවිතය එක්ක අප ගන්නා ආහාර වලින් අපිට අවශ්‍ය සියලු පෝෂ්‍ය කොටස් නොලැබෙන්න පුළුවන්. එලෙස නොලැබෙන පෝෂ්‍ය කොටස් ලබා ගැනීමට විටමින් භාවිතා කිරීම පිලියමක් වෙනවා.
විටමින් විවිධ ආකාරයෙන්, එනම් පෙති ලෙස, දියර ලෙස, කැප්සියුල ලෙස හෝ සැපිය හැකි පෙති ලෙස තියෙනවා.
බොහෝ විට මේ විටමින් දවසට එක සැරයක් හෝ දෙසැරයක් ලබා ගැනීම ප්‍රමාණවත් වේ.
සොඛ්‍යසම්පන්නව ජිවත් වීම සඳහා සමබල ආහාර වේලකට අමතරව ඔබට විටමින් ලබා ගැනීමටද පුළුවන්.
_________________________
සටහන
අමාලි නෙලුනිකා
සමාධි ඒකනායක
මෙවිඳු සේනාරත්න
_________________________
නිර්මාණය
ධනුක දිනෙත්
_________________________
#healthyliving #health #healthy #vitamins #healthylifestyle #wellness #selfcare #healthychoices #SaukyadanaUnit #CCSSaukyadanaUnit
Comments
Post a Comment