World Sight Day - 2021




මෙවර ලෝක දෘෂ්ටි දිනය 2021 ඔක්තෝබර් 14 වෙනිදාට යෙදී ඇති අතර එහි තේමාව නම් "ඔබේ ඇස් වලට ආදරය කරන්න" යන්නයි.
අපි අපේ පෙනීම සුළු කොට සලකන නමුත් දේදුන්නක්, ආදරය කරන කෙනෙකුගේ මුහුණක් හෝ  අපි වඩාත් ප්‍රිය කරන දෙයක් දැකීමට නොහැකි වීම ගැන සිතන්න. එසේනම්, අපි අපේ පෙනීම සුළු කොට නොගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, බිලියන 2.2 ක ජනතාවකට පෙනීමේ දුර්වලතාවක් හෝ අන්ධභාවයක් ඇත. ඔවුන්ගෙන් බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයකට, Myopia, Hyperopia, ඇසේ සුද සහ ග්ලුකෝමා වැනි රෝග ඇතුළත් වේ. ඒවා එක්කෝ වළක්වා ගත හැකි මට්ටමේ හෝ තවමත් ප්‍රතිකාර නොකළ මට්ටමේ පවතී.

මෙම ලෝක දෘෂ්ටි දිනයේදී, පෙනීම නැතිවීම වැළැක්වීමට සහ පෙනීම ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය දීමට ඔබ කළ යුත්තේ කුමක්දැයි සොයා බලමු.
 4Ps
⭕ PREVENT
⭕ PROTECT
⭕ PRESERVE
⭕ PRIORITISE  

01. PREVENT
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් බොහෝ අක්ෂි රෝග වළක්වා ගත හැකිය. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් යනු සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කිරීමයි. සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ගැනීම සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, තරබාරුව පාලනය කිරීම සහ දියවැඩියාව වැනි රෝග වැළැක්වීමේ තීරණාත්මක පියවර වන අතර ඒ සියල්ලම අක්ෂි සෞඛ්‍යයටත් බලපෑම් කළ හැකිය.
හොඳ අක්ෂි සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ
▫️ Vitamin A - ඇසේ ඉදිරිපස කොටස වන cornea සහ ඇසේ අභ්‍යන්තර ස්ථරය වන retinaහි  සෞඛ්‍යයට සහාය වේ.
▫️Vitamin C, Vitamin E, Lutein + Zeaxanthin - ඇසේ සුද , අක්ෂි පරිහානිය වැනි වයස්ගත වීමට ආශ්‍රිත රෝග ප්‍රමාද කිරීම
▫️Omega 6 + Omega 3 (මේද අම්ල) - ඇස් වියළීමේ අවදානම අඩු කිරීම, ඇසේ අභ්‍යන්තර ස්ථරය වන retinaහි  සෞඛ්‍යයට සහාය වීම  
▫️Zinc - ඇසේ අභ්‍යන්තර ස්ථරය වන retinaහි  සෞඛ්‍යයට සහාය වීම

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම සරලය
 ▪️දුම්පානය, මත්පැන් භාවිතය අඩු කිරීම
 ▪️සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාම තුළින් සෞඛ්‍ය සම්පන්න බර පවත්වා ගැනීම
 ▪️සාමාන්‍ය රුධිර සීනි, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීම

02. PROTECT
ඔබේ ඇස් ආරක්‍ෂා කර ගැනීම සහ රැකබලා ගැනීම වැදගත් වේ. දැඩි හිරු එළිය, සේවා ස්ථාන අනතුරු වල සිට නිවෙස් වල පරිගණක තිර වලට දිගු කාලයක් නිරාවරණය වීම දක්වා ඇති අවදානමෙන් ඔබේ ඇස් ආරක්ෂා කර ගැනීමට ඔබට කුමක් කළ හැකිද?
01) ආරක්ෂිත අක්ශි අයිතමයන්
සූර්යයා විසින් නිකුත් කරන පාරජම්බුල කිරණ වැනි අහිතකර විකිරණ වලින් අපේ ඇස් ආරක්ෂා කර ගැනීම වැදගත් ය. හොඳ තත්ත්වයේ අව් කණ්ණාඩි භාවිතා කිරීම, නිවසින් පිටතට යන විට එවැනි අහිතකර විකිරණ වලින් අපේ ඇස් ආරක්ෂා කර ගැනීමට ගත හැකි සරලම පියවරයි.
ඔබේ ඇසට සෞඛ්‍ය සම්පන්න සේවා ස්ථානයක් ද වැදගත් ය. අනතුරුදායක රසායනික ද්‍රව්‍ය, විකිරණ, කුඩා අංශු සහ අධික තාපයට නිරාවරණය වී වැඩ කරන අය අතර ඔබ සිටී නම්, වෘත්තීයමය ප්‍රමිතීන් හා මාර්ගෝපදේශන අනුව නිර්දේශිත ආරක්ෂක කණ්නාඩි භාවිතා කළ යුතුය.

02) ඔබේ රූපලාවන්‍ය-ආලේපන පිරිසිදු කරන්න
ආලේපන සහ අක්ෂි ආලේපන භාවිතයේදී හොඳ  පිරිසිදු කිරීමේ පිළිවෙතක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොවුණහොත් එමඟින් ඇස් මතුපිට වියලිම වැනි ගැටලු සහ අසාත්මිකතා වලට හේතු විය හැක.

03) ශරීරයට හිතකර ආකාරයෙන් වැඩ කරන්න
දැන් ඩිජිටල් උපකරණ භාවිතය අපේ ජීවිත වල අත්‍යවශ්‍ය අංගයක් වී ඇති හෙයින්, ඇස් වෙහෙසීම, හිසරදය, වියලි බව සහ මාංශ පේශි ගැටළු වැනි රෝග ලක්‍ෂණ (මේවා පරිගණක දෘෂ්‍ය සින්ඩ්‍රෝමය හෝ ඩිජිටල් අක්ෂි වික්‍රියාව යටතට වැටේ) වළක්වා ගැනීම සඳහා තිර කාලය අඩු කිරීම සහ විවේක ගැනීම වැදගත් වේ. රෝග ලක්‍ෂණ අවම කර ගැනීමට සහ කාර්‍යක්‍ෂම ලෙස වැඩ කිරීමට නම්, සවිඥානක ඇසිපිය හෙළීම, විවේක ගැනීම (20-20-20 රීතිය), හොඳ ඉරියව්ව, මොනිටරයේ දීප්තිය අඩු කිරීම සඳහා ප්‍රශස්ත ආලෝකකරණය සහ මාංශ පේශි රෝග ලක්‍ෂණ අවම කිරීම සඳහා සේවා පරිසරය සරිලන ආකාරයට සකස් කර ගැනීම වැදගත් වේ. දිගු කාලයක් පරිගණක තිර දෙස බලා සිටීමෙන් ඔබේ ඇස්වලට උපකාර කිරීම සඳහා "20-20-20 නීතිය" හොඳ සහ කාර්‍ය සාධක රටාවකි. තිරයක් භාවිතා කිරීමෙන් ගෙවන සෑම විනාඩි 20 කටම, තත්පර 20 ක් ඔබට අඩි 20 ක් දුරින් ඇති දෙයක් දෙස බැලීමට උත්සාහ කළ යුතුයි.

03. PRESERVE
අපි අපේ පෙනීම රැක ගන්නේ කෙසේද?
සවිස්තරාත්මක අක්ෂි පරීක්‍ෂණයක් සඳහා සැලසුම් කරගන්න. පුළුල්, සවිස්තරාත්මක අක්ෂි පරීක්‍ෂණයක් මඟින් ඔබේ අවදානම් සාධක අවබෝධ කර ගැනීම සඳහා ඔබේ අක්ෂි ආරක්‍ෂක වෘත්තිකයා විස්තරාත්මක වෛද්‍ය ඉතිහාසයක් සහ පවුල් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගන්නා අතර පසුව ඔබේ ඇස් පෙනීම, අක්ෂි ශක්තිය සහ අක්ෂි සෞඛ්‍යය පරීක්‍ෂා කරයි.

04. PRIORITIZE
අක්ෂි පරීක්‍ෂා කිරිමත් ඔබේ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක කොටසක් බවට වග බලා ගන්න.
ඔබ අක්ෂි පරීක්ෂණයක් සැලසුම් කර යුත්තේ කිනම් අවස්ථාවකදීද ?
 🔸අපි සෑම දෙනාම වසර දෙකකට වරක් ඇස් පරීක්‍ෂා කර බැලිය යුතුයි
 🔸ඔබට දැනට පවතින අක්ෂි රෝගී තත්වයක් ඇත්නම් සහ ඔබේ අක්ෂි සත්කාර වෘත්තිකයා විසින් නිතිපතා අක්ෂි පරීක්‍ෂා කරන ලෙස උපදෙස් ලබා දී ඇත්නම්.
ඔබ වාර්ෂික අක්ෂි පරීක්ෂණයක් සඳහා සැලසුම් කළ යුත්තේ
  🔹ඔබ වයස අවුරුදු 40 හෝ ඊට වැඩි නම්
  🔹ග්ලුකෝමා රෝගයේ පවුල් ඉතිහාසයක් තිබීම (අක්ෂි පීඩනය වැඩි වීම හෝ පෙනීමට තර්ජනයක් වන සංකූලතා)
  🔹ඔබට දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය තිබේ නම්
  🔹නිදන්ගත දුම්බීමේ ඉතිහාසයක් තිබේ නම්
  🔹ඔබ මේ වන විටත් ඇස් කණ්නාඩි පළඳිනවා නම් සහ ඔබේ ඇස් බලය ඉහළ නම් (High myopia තත්ත්වය)
 🟥 හදිසි අක්ෂි පරීක්‍ෂණයක් සිදු කළ යුතු අවස්ථා ලෙස, ක්‍ෂණිකව නොපැහැදිලි වීම හෝ පෙනීම නැති වීම, රතු පැහැය, ඇස් වේදනාව, ආලෝකය වටා පාට වළලු දැකීම ඇතුළත් වේ.

එසේනම්, ඔබේ අක්ෂි සෞඛ්‍යයට ප්‍රමුඛතාවය දී "ඔබේ ඇස්වලට ආදරය කිරීම" ජීවිතයේ මෙහෙවරක් ලෙස සලකා ඇස් සහ පෙනීමේ වැදගත්කම පිළිබඳව ඔබේ පවුල, ආදරණීයයන් සහ ප්‍රජාව ද දැනුවත් කරන්න
______
සටහන
Gayara Perera
______
නිර්මාණය
Dhanuka Dineth
______

#worldsightday #worldsightday2021 #wsd2021 #hopeinsight  #world #sights #eyecare #loveyoureyes #Saukyadana #SaukyadanaUnitCCS

Comments

Post a Comment