World Mental Health Day 2021
World Mental Health Day 2021
ඈත අතීතයේ, මානසික සෞඛ්‍ය ආබාධ පිළිබඳ කරුණු අනාවරණය සහ මානසික රෝගීන් පිළිබඳව සමාජය විසින් සලකන ලද්දේ අවමානයක් / ලැජ්ජා සහගත තත්වයක් වශයෙනි. නමුත් දියුණු , මෑත ලෝකයේ මානසික සෞඛ්‍ය සඳහා ප්‍රමුඛ ස්ථානයක් ගනී. මිනිසුන් සර්ව සම්පූර්ණ නොවූවත්, මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වීම නොවැදගත් යැයි බැහැර කළ නොහැක. මානසික දුබලතා සඳහා මූලික හේතුව ඍණාත්මක පෞරුෂ ලක්ෂණ පැවතීමයි.
සමහර පොදු ආබාධවලට ඇතුළත් වන්නේ:
සාමාන්‍යකරණය වූ සාංකාව, ද්‍රව්‍ය භාවිතයේ ආබාධ, මානසික අවපීඩනය, ද්වි ධ්‍රැව ආබාධ, පශ්චාත් කම්පන සහගත මානසික ආතතිය, භින්නෝන්මාදය, සහ සියදිවි නසාගැනීමේ අදහස.
මේ සියලු මානසික සෞඛ්‍ය තත්වයන්ට විවිධ රෝග ලක්‍ෂණ තිබුණද, ඒවා ඔබේ ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කළ හැකිය. ඇත්ත වශයෙන්ම ඔබේ මානසික සෞඛ්‍යය ඔබ සිතන, දැනෙන හා හැසිරෙන ආකාරයට බලපායි. මෙයින් අදහස් කරන්නේ ඔබේ සමාජ, වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය බෙහෙවින් දුර්වල විය හැකි බවයි. මානසික සෞඛ්‍ය ගැටලු ඇති බොහෝ දෙනෙකුට තම රෝග ලක්‍ෂණ සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි හරි හැටි නොදන්නා අතර ඔවුන්ගේ මානසික අසහනය දුරු කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන යාන්ත්‍රණ ක්‍රම අනුගමනය කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබ මත්ද්‍රව්‍ය හෝ මත්පැන් වලට ඇබ්බැහි වීමට ද ඉඩ ඇත.
එමෙන්ම දැනට වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට ගෝලීය වශයෙන් පැතිර පවතින කොවිඩ් වසංගත තත්ත්වය ලෝකවාසී සියලුම ජනතාවගේ කායික සෞඛ්‍යය කෙරෙහි පමනක් නොව මානසික සෞඛ්‍යය කෙරෙහි ද ඉතාමත් අහිතකර ලෙස බලපා ඇත. මේ නිසාවෙන් ඇඳිරි නීති, සංචරණ සීමාවන්, නිරෝධායන නීතිරීති මධ්‍යයේ පුද්ගලයන්ට සමාජ සම්බන්ධතා වලින් තොරව නිවසට වී කාලය ගෙවීමට සිදුව තිබේ. තවද රෝගය කෙරෙහි පුද්ගලයන් තුළ ඇති අධික බිය, සමාජ ආශ්‍රය අවම වීම, විනෝද වීමට ඇති ඉඩකඩ ඇහිරීම, තම සමීපතමයන් මිය යෑම, ආර්ථික ගැටලු, අධ්‍යාපන ගැටලු වැනි කාරණා මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව පෙනේ. එම නිසාවෙන්ම පුද්ගලයන් තුළ කය නිවසට ගොදුරු වුවද මනස නිවසට ගොදුරුව තබා ගත නොහැකිව මානසික ව්‍යාකූලත්වයකට ඇද දැමීමට මෙම වසංගතය සමත්ව තිබේ.
ඉහත කී හේතුන් නිසා,
▫️මානසික සෞඛ්‍යය පිරිහීම හේතුවෙන් ඇතිවන ශාරීරික රෝග
▫️අධික කෝපය
▫️අධික සංවේදී බව
▫️සුවදායී නින්දක් නොමැති වීම
▫️ආවේගශීලී තීරණ ගැනීම
▫️අසහනයකදී මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර වෙත හැරීම
▫️ආහාර අරුචිය
▫️උදාසීන බව
▫️ආතතිය,විශාදය වැනි අහිතකර මානසික තත්ත්ව ආදිය ඇති විය හැකිය
▪️එමෙන්ම පුද්ගලයන් තම දිවි තොර කර ගැනීම වැනි ඉතා භයානක ක්‍රියාවන් කිරීමට ද පෙළඹේ. මෙය වර්තමානයේ මෙන්ම අනාගතයේ ද යහපත් ජීවන පැවැත්මකට තර්ජනයකි.
ඒ සඳහා සියලුම දෙනා අවබෝධයෙන් සහ බුද්ධිමත් ලෙස කටයුතු කළ යුතු වේ. එයට,
▫️මනෝ විද්‍යාත්මක සහය ලබා ගැනීම
▫️තමාගේ ආගමට අනුව ආගමානුකූල දිවි පෙවෙතක් ගත කිරීම
▫️සංගීතයට සවන් දීම
▫️නර්තනය , සංගීත භාණ්ඩයක් වාදනය, චිත්‍ර ඇඳීම වැනි සෞන්දර්යාත්මක කටයුතු වලට යොමු වීම.
▫️ගෙවතු වගාව, විනෝදාත්මක චිත්‍රපට නැරඹීම වැනි දේ කිරීම
▫️තම පවුලේ සාමාජිකයන් සමග තම ගැටලු සාකච්ඡා කිරීම
▫️මිතුරන් සමග කතා කිරීම.
▫️විවිධ සංවිධාන මගින් මාර්ගගත ලෙස පවත්වන විවිධ වැඩසටහන් වලට සහභාගි වීම වැනි නොයෙක් දෑ සිදු කල හැකි ය.
මානසික සෞඛ්‍ය යහපත් නොවුන හොත් කායික සෞඛ්‍යය ද යහපත් නොවේ. එබැවින් මේ මොහොතේ තමාගේ මෙන් ම තම පවුලේ සාමජිකයන් ගේ ද මානසික සෞඛ්‍යය යහපත් ලෙස පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වේ.
_____________________
සටහන
Chavini Kavindhya
Nushani Rajanayake
_____________________
නිර්මාණය
Dhanuka Dineth
_____________________
#Worldmentalhealthday #mentalhealth #mentalhealthmatters #anxiety #mentalillness #selfcare #selflove #depression #loveyourself #itsokaynottobeokay #mentalhealthday2021 #menatlhealthmatters #Saukyadana #SaukyadanaUnitCCS
Excellent work guys
ReplyDeleteGood job👏 Keep up the good work !!
ReplyDelete