ප්‍රථමාධාර බහාලුම තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය අයිතමයන් සහ එය පවත්වාගෙන යන ආකාරය

 ප්‍රථමාධාර බහාලුම තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය අයිතමයන් සහ එය පවත්වාගෙන යන ආකාරය 👇


ඕනෑම නිවසක හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සකස් කළ ප්‍රථමාධාර කට්ටලයක් තිබීම වැදගත්. එමෙන්ම ඔබට හැකිනම් ඔබගේ පුද්ගලික ගමන් රථයේත් ප්‍රථමාධාර කට්ටලයක් තබා ගැනීම වැදගත්. මනාව පවත්වාගෙන යන ප්‍රථමාධාර කට්ටලයක් වැදගත් වන්නේ හදිසි අනතුරක්, තුවාලයක්, පිළිස්සුමක්වැනි තත්ත්වයකදී වෛද්‍ය ආධාර ලබා ගන්නා තෙක් තත්ත්වය සමනය කිරීමටයි. ඒ සඳහා ප්‍රථමාධාර ලබාදීම සම්බන්ධයෙන් ඔබ මූලික දැනුමක් ලබා තිබීම වැදගත්. 


ප්‍රථමාධාර කට්ටලයක් පවත්වාගෙන යාමේ මූලික අරමුණ 3Ps ලෙස හඳුන්වන අතර ප්‍රථාමාධාර දෙනු ලබන පුද්ගලයා සෑම විටම 3 Bs ගැනද දැන සිටිය යුතු වනවා. එයයි මෙහි ප්‍රථාමාධාර කට්ටලයේ මූලික සිද්ධාන්තය ලෙස සලකනු ලබන්නේ. 


3 Ps 


1.Preserve life – අනතුරට හෝ හදිසි අවස්ථාවට මුහුණ පා සිටින්නාගේ ජීවිතය ආරක්ශා කර ගැනීම. 

2.Prevent any further injury – තව දුරටත් තුවාල/ අනතුරට මුහුණ දීම් වලක්වාලීම

3.Promote the recovery of a person – සුවය ලබාගැනීම ඉක්මන් කිරීම. 


3Bs


1.Breathing – ආශ්වාස ප්‍රාශ්වාස කරනවාද?

2.Bleeding – රුධිර වහනයක් තිබේද?

3.Bones – අස්ථි බිදීමක් වී ඇත්ද?


හදිසි අනතුරක් ඕනෑම ස්ථානයකදී ඕනෑම වේලාවකදී සිදුවිය හැකි බව ඔබ නිරන්තර‍යෙන් සිහි තබා ගත යුතුයි. කුඩා දරුවන්ට ළඟාවිය නොහැකි, හදිසි අවස්ථාවකදී පහසුවෙන් ඔබට එය වෙත ළඟාවිය හැකි ස්ථානයක ප්‍රථමාධාර පෙට්ටිය ස්ථාපිත කර තිබීම වැදගත්. පහසුවෙන් ඇරීමට හැකි, වතුර නොයන, වසා තැබිය හැකි බහාලුමක් තෝරාගත යුතුයි. එහි රතුකුරුසසලකුණ සටහන් කර තිබිය යුතුයි. එමෙන්ම අත්‍යවශ්‍ය සියල්ල තැන්පත් කිරීමට ප්‍රමාණවත් පරිදි ඉඩ පහසුකම් තිබීම වැදගත් වනවා. ඔබගේ පුද්ගලිකත්වයට ගැලපෙන පරිදි එය සකස් කරගත හැකියි. විශේෂයෙන් නිවසේ සෑම කෙනෙකුම එය තැන්පත් කර ඇති ස්ථානය පිළිබඳව දැනුවත්කරන්න. ප්‍රථමාධාර කට්ටලයේ ඇති දෑ මොනවාද, ඒවා භාවිතා කරන්නේ කුමන අවස්ථා සඳහාද, ඒවා භාවිතා කරන නිසි ආකාරය පිළිබඳව නිවසේ සිටින අනිකුත් වැඩිහිටියන් සියල්ල දැනුවත් කර තැබිය යුතුයි 

ප්‍රථාමාධාර පෙට්ටියේ ඇති සියලුම උපකරණ, ඖෂධ වැනි දෑ හි කල් ඉකුත්වන දිනය සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඒවා නිසි පරිදි කල් ඉකුත්වීමේ දිනට පෙර ඉවත් කිරීමත් නැවත අලුතින් තැන්පත් කිරීමත් සිදුකළ යුතුයි. 


ප්‍රථමාධාර බහාලුම තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය අයිතමයන්


වෙළුම් පටි 

ප්‍රථමාධාර බහාලුමක් තුල වෙළුම් පටි වර්ග කිහිපයකින් තිබිය යුතුයි. සාමාන්‍ය තුවාලයක්, අස්ථි බිඳීමක් වැනි අවස්ථාවකදී වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමුවනතෙක් සිදුකළ හැකි ප්‍රථමාධාර සඳහා මේවා භාවිතා කළහැකි සාමාන්‍ය වෙලුම් පටි, ත්‍රිකෝණ වෙළුම පටි, ගෝස් වෙළුම් පටි සහ විෂබීජහරණය කරන ලද වෙළුම් පටි ලෙස වර්ග කළ හැකියි. ප්‍රථමාධාර බහාලුමේ තැන්පත් කරන විට මෙම වෙළුම් පටි වර්ග කර, නම් කර එක් කුඩා බාහාලුමක් තුළ හෝ සිප් ලොක් බෑගයක් තුළ දමා තැන්පත් කළ හැකියි.


මූලික වෛද්‍ය උපාංග


•කපු පුළුන් බෝල/ පුළුන් රෝල්                                           

•ප්‍රථමාධාර සඳහන් පොත් පිංච

•උෂ්ණත්වමානය

•අත්වැසුම්

•තියුණු කුඩා කතුරක්

•පතුරු

•Plasters

•Gauze dressings

•Cold pack (මාංශ පේශි ඇදීමකදී, වේදනාවකදී)


අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 


1. තුවාල සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ආලේපන. Betadine

2. තුවාල සදහා පිරිසිදුකාරක - Saline

3. කකුල් උළුක්කු වීම්/ ඉදිමුම් සදහා - Salonpas spray (Ice pack)

4. අඬු , කතුරු පිරිසිදු කිරීම සඳහා පමණක් - Dettol

5. වෛද්‍යවරෙයෙකු සම්බන්ධ කළ අවස්ථාවක පමණක් පපුවේ අපහසුතාවක් ඇති පුද්ගලයකුට ලබා දීමට - Asprin 


එමෙන්ම හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත හැකි ඔබගේ පවුලේ වෛද්‍යවරයාගේ දුරකථන අංකය, ගිලන් රථ සේවාව (උදා - 1990), ආසන්නම රෝහල වැනි ඔබට වැදගත් ස්ථානයන් හි දුරකථන අංක ද හැකිනම් ප්‍රථමාධාර පෙට්ටිය ආසන්නයේ සඳහන් කර තබන්න. 


ප්‍රථමාධාර දීම යනු යම් හදිසි අවස්ථාවකදී වෛද්‍යවරයකු වෙත හෝ රෝහලක් වෙත යොමු වන තුරු ලබා දෙනු ලබන ප්‍රථම ආධාරයයි. 


එබැවින් ප්‍රථමාධාර කට්ටලයක් නිවසේ තිබු පමණින් ඔබට වෛද්‍යවරයෙකු විසින් සිදුකරන කාර්යය සිදු කිරීමට නොහැකි බව සැමවිටම මතක තබාගත යුතුයි. 

එමෙන්ම සෑමවිටම ඖෂධ පරිහරණයේදී වෛද්‍යවරයෙකු උපදෙස් අනුව කටයුතු කිරීමත් වැදගත් වනවා. 


⭕ අනතුරට පත් වී ඇති පුද්ගලයන් රෝහලට රැගෙන යන තුරු කිසිදු ආහාර පානයක් නොදිය යුතුයි.

එයට හේතුව වන්නේ අදාල රෝගියා රෝහල්ගත කළ පසු ශල්‍යකර්මයකට භාජනය කිරීමට අවැසි වුවහොත් එය රෝගියාට අවාසිදායක වන බැවිනි. 


මූලාශ්‍ර

Google Wikipedia – First aid box

https://how-to-maintain- a-first-aid-box

First aid manual: 9th edition. Dorling Kindersley. 2009. ISBN 978 1 4053 3537 9.


සටහන

Tharushika Jayasuriya 

Gehan Range 

Chamari Perera


#firstaid #essentials #firstaidbox #firstaider #bleeding #burns #emergency #3Ps #3Bs #awareness #prompt #healthinfo #awareness #Saukyadana #SaukyadanaUnitCCS


Comments

Post a Comment