ප්‍රථමාධාරය යනු?
යම්කිසි රෝගයකදී හෝ හදිසි අනතුරකදී හෝ අසනීපයකදී එම තත්ත්වයට පත් වූ තැනැත්තාගේ ජීවිතයට හානි සිදු වීම වැළැක්වීමටත්, සුවය ලබා දීමටත්, වෛද්‍යාධාර ලබා දීමට පෙර අවට ඇති ද්‍රව්‍ය උපයෝගී කරගෙන පිළිගත් මූලධර්ම වලට අනුකූලව පුහුණු වූ අයෙක් විසින් මනා පෞරුෂයකින් යුතුව ලබාදෙන ආධාරය ප්‍රථමාධාරය නම් වේ.
ප්‍රථමාධාරයේ අවස්ථා 👇
1) රෝග විනිශ්චය
2) ප්‍රථමාධාරය
3) භාරදීම
පරමාර්ථ 👇
✔️ ජීවිතය බේරාගැනීම
✔️ අසාධ්‍ය වීම වැලක්වීම
✔️ ඉක්මන් සුවයට ආධාර කිරීම
ප්‍රථමාධාර කරුවා,
⭕ පිළිගත් සංවිධානයකින් පාඨමාලාව හදාරා
⭕ විභාගයෙන් සමත් වී
⭕ වලංගු සහතිකයක් හිමි තැනැත්තා වේ.
ප්‍රථමාධාරකරුවෙකුගේ ගුණාංග 👇
✔️ ප්‍රථමාධාර පිළිබඳ මනා දැනුම
✔️ තැනට සුදුසු නුවණ
✔️ දක්ෂතාවය
✔️ නිපුණත්වය
✔️ සුපරීක්ෂාකාරීබව
✔️ සානුකම්පිත බව
✔️ කරුණාව
✔️ ඉවසීම
✔️ කලබල නොවීම
✔️ නොපසුබට උත්සාහය
✔️ පැහැදිලි කිරීමේ හැකියාව
✔️ විශේෂතා කෙරෙහි සැලකිලිමත් වීම
✔️ පිලිකුල් නොවීම
✔️ කඩිසර බව
✔️ නායකත්වය
✔️ මෙයට අමතරව ප්‍රථමාධාරකරු හොඳ කායික හා මානසික මට්ටමකින් සිටිය යුතුය
රෝගියෙකුගේ පරික්ෂා කළ යුතු කරුණු 👇
1) ශ්වසන මාර්ගය සහ ශ්වසනය
2) හෘදස්පන්දනය (නාඩි)
3) ලේ ගැලීම් සහ තුවාල
4) සිහිය
5) කැඩුම් බිඳුම් හා වෙනත් ආබාධ
ප්රථමාධාරකරුවෙකුට උපදෙස් 👇
👉 තමා ප්‍රථමාධාර කරුවකු පමණක් බව සිහි තබා ගන්න
👉 දෙවන රෝගියෙකු බිහි නොකරන්න
👉 විශ්වාසය දිනාගන්න
👉 හැකි සෑම විටම වැඩිහිටියකු ළඟ තබා ගන්න
👉 රෝගියාගේ පෞද්ගලිකත්වය රකින්න
👉 රෝගියාගේ උපකරණ වගකිව හැකි කෙනෙකුට භාර දෙන්න
👉 මානසික ආවේග වලට හසු නොවන්න
👉 ස්ථිර ලෙසම නිගමනය කළ හැකි මල මිනි වලට ප්‍රථමාධාර නොදෙන්න
ප්‍රථමාධාර නවත්වන අවස්ථා 👇
⭕ ප්‍රකෘති තත්වයට පත්වීම
⭕ සුදුසු වෛද්‍ය ආධාර ලැබීම
⭕ තමාගේ ශක්තිය සිඳී යාම
පහත කරුණ කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වන්න
👉 අනතුරට පත් වී ඇති පුද්ගලයන් රෝහලට රැගෙන යන තුරු කිසිදු ආහාර පානයක් නොදිය යුතුයි.
එයට හේතුව වන්නේ අදාල රෝගියා රෝහල්ගත කළ පසු ශල්‍යකර්මයකට භාජනය කිරීමට අවැසි වුවහොත් එය රෝගියාට අවාසිදායක වන බැවිනි.
සටහන
ගයාරා පෙරේරා
#firstaid #firstaider #qualities #bleeding #burns #emergency #awareness #prompt #health #awareness #information #Saukyadana #SaukyadanaUnitCCS
Informative !! Keep up the good work !
ReplyDelete